Tamil-Sri LankaEnglish (United Kingdom)

මාදු ගඟ පාරිසරික මධ්‍යස්ථානය

මාදු ගඟ පාරිසරික මධ්‍යස්ථානය

කොළඹින් කි.මි. 98 ක් ඈතින් දකුණු වෙරළබඩ තීරයේ පිහිටි එය ස්වාභාව ධර්මය විසින් අපට දායාද කළ උද්කෘෂ්ඨවත් පරිත්‍යාගයකි. මාදු ගඟ ගංගාවක් ලෙස සලකනු ලැබූවද එය විද්‍යාත්මකව මොයකට ආශ්‍රිත කලපුවකි. එය සත්‍යයෙන්ම "දූපත්" 15 කින් සමන්විතය. (එනම් කොත්දූව, දක්දූව, මාදූව, මෙ‍මා දූව, හොන්දූව, දිමිදූව, නයි දූව, මුවන් දූව, මේරල දූව, ගල්මන් දූව, කටුදූව, මදදූව, ගෝනදූව හා තිනිය දූව යනාදිය යි) මෙම දූපත් වසර පුරාම ජලයෙන් වටකර ගෙන තිබෙන අතර, ස්වභාවික දිය දහර කිහිපයක් මෙය, මාදු ගගේ මෝයකට පද්ධතිය සමඟ සම්බන්ධ වේ.

පරිසරයේ ගතිලක්ෂණ හා එයට ආවේනික ශාඛ හා ජීවීන්
මාදු ගඟ ස්වභාවිකව පිහිටා ඇති කලපු ආශ්‍රිත ශාඛ වලින් (හෙවත් කඩොලාන වලින්) පොහොසත්ය. මෙම ශාඛ පරිසරයට සරිලන ලෙස විශේෂිතව හැඩ ගැසී වර්ධනය වී ඇති හෙයින් ඒවාට මුහුදු ජලය මිශ්‍ර ජලයේ හෝ කිවුල් ජලයේ වර්ධනය විය හැක. මෙම කලපු විශේෂිතව වැදගත් වන්නේ ඒවා කුඩා මත්ස්‍යයින්ටත්, ඉස්සන්ටත් අනෙකුත් කුඩා සතුන්ටත් බෝ වෙන ස්ථාන ලෙස ක්‍රියාත්මක වන බැවිනි.

ශාක
මාදු ග‍‍ඟෙහි ඇති විශේෂිත ලක්ෂණයක් වන්නේ එහි පැලෑටීන්ට ඇති නිසංසල පරිසරයයි. මාදු ග‍ඟෙහි ගර්මකලාපීය ගස් වර්ග 14 ක් ද, වෙනත් විශේෂිත වූ පැළෑටි හා ගස් වර්ග 302 ක් ද ඇත. ලංකාවටම ආවේනික වූ මාදුග‍ඟ ආශ්‍රිත ස්ථාන කිහිපයකට පමණක් සීමා වූ පැලෑටියක් ද (එනම් රථ මිල්ල Lumnitzeralitttorea) එහි ඇත.

ජීවීන්
මාදු ගඟ සතුන් හා විශේෂයෙන්ම කුරුල්ලන් නැරඹීමට කදිම ස්ථානයකි. මේ සඳහා සුදුසුම කාලය වන්නේ ඉර උදා වූ සැනින් හෝ ඉර බැසයන අවස්ථාවන්හිදී ය. කුරුළු වර්ග 111 ක් කුරුළු සංගණනයකදී මේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. කුරුල්ලන්ට අමතරව මෙම ප්‍රදේශයේ මත්ස්‍ය වර්ග, ගොඩ දිය දෙකෙහිම ජීවත් වන සත්ව වර්ග, උරග වර්ග හා ක්ෂිරපායි සත්ව වර්ග රාශියක් ඇත.

පහසුකම්:

නවාතැන්
මධ්‍යස්ථානයේ යාබද නාන කාමර පහසුකම් සහිත පවුල් සඳහා විශේෂී වූ කාමර 04 ක් ඇත. මින් එක් කාමරයක් විදුලි කාර්යක්ෂම වායු සමීකරණයකින් යුත්ත අතර, අනෙකුත් කාමර සාමාන්‍ය පහසුකම්වලින් යුත්තය. මධ්‍යස්ථානයේ දේශීය ජාලයන්ගෙන් සමන්විත පොදු රූපවාහිනී යන්ත්‍රයක් ඇති අතර එය පරිපූර්ණ භෝජනාගාරයකින් ද, කෝපි හා ‍තේ පිළියෙල කරන උපකරණ වලින්ද සමන්විතය.

ආහාරපාන ගැනීම
මධ්‍යස්ථාන භෝජනාගාරයේ දී

සාකච්ඡා සභා පැවැත්වීම සඳහා පහසුකම්
මධ්‍යස්ථාන භෝජනාගාරය සාකච්ඡා පැවැත්වීම සඳහා උචිත ස්ථානයක් ලෙස නම් දරා ඇත. එයට විශේෂිත වූ පරිසරය හා උසස් සේවාවන් හා පහසුකම් හේතුකොටගෙන අපගේ සාකච්ඡා සභා ශාලාව, විවිධ වාඩි වීමේ සැලසුම් ක්‍රම අනුව සකසා විවිධ කාර්යයන් සඳහා උපයෝගී කරගත හැක.

කාර්යයන්

ඉඩ ඇති සංඛ්‍යාව

Class Room

50

Open Area Seating

25

වෙන් කිරීම් සඳහා :

ප්‍රභේදය

(එක් දිනකට)

කාමර

රු.

ශාලාව

රු.

බෝට්ටු සවාරිය

රු.

වායු සමීකරණ සහිත

වායු සමීකරණ රහිත

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

 

 

 

 

ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින්

 

 

 

 

අනෙකුත් රජයේ / පුද්ගලික අංශ

 

 

 

 

සිසුන් (පාසල් / විශ්ව විද්‍යාල)

 

 

 

 

සහකාර නිලධාරියා : නලීන් සුසන්ත ද සිල්වා මහතා
තැපැල් ලිපිනය : මාදුගඟ පාරිසරික මාධ්‍යස්ථානය,
මුත්තේට්ටුව ධීවර් ජනපදය,
කරන්දෙනිය,
ශ්‍රී ලංකාව.
පැමිණෙන ස්ථානයේ ලිපිනය : මාදු ගඟ පාරිසරික මධ්‍යස්ථානය,
මුත්තේට්ටුව ධීවර ජනපදය,
කරන්දෙනිය.
විමසීම 0714475958


 

 



Forum Login

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 13 ජූලි 2017