Tamil-Sri LankaEnglish (United Kingdom)

කල්පිටිය වෙරළ බඩ පාරිසරික මධ්‍යස්ථානය

කල්පිටිය වෙරළ බඩ පාරිසරික මධ්‍යස්ථානය .

කොළඹ සිට කි.මී. 150 ක් ඈතින් පිහිටා ඇති මෙම ප්‍රදේශය දිවයිනේ ඇති මනස්කාන්තම වෙරළබඩ ප්‍රදේශයයි. භූරූප විද්‍යානුකූලව කල්පිටිය වනාහි පුත්තලම කලපුව වෙන්කරණු ලබන අර්ධද්වීපයකි. ඩොල්ෆීන් මසුන්ගේ පාරාදීසයක් වන මෙය පුළුල් වැලි සහිත මුහුදු වෙරළකින් ද, පැහැදිළි වැලි සහිත පොළවෙන් ද, ගර්මකලාපීය ශාඛයන්ගෙන් ද, ලුණු සහිත පහත් බිම් වලින් ද, වැලි කදුවලින් ද, කොරල්පර සහිත සාගර වැලි අභය භූමියකින් ද සමන්විතය.

ස්වාභාවික පරිසරය සමඟ ........... විනෝද වන්න.
  • ලන්දේසි බොක්කේ දූපත් 14 කි. (බට්ටලන්ගුන්ඩුව / පල්ලිය වත්ත, I" II" I'III) උච්චමුනායි / ඉප්පන්ටිටු / පෙරිය ආරච්චිලායි / සින්න ආරච්චිලායි / එරමුතිව් / සින්න එරමතිව් / බටහිර ඓරමුතිව් / කනතිව් / මුට්වෝල් (ලන්දේසි බොක්ක)
  • කොරල්පර සමුද්‍ර රක්ෂිතය
  • මුහුදු කැස්බෑවන් බැලීමට
  • ධීවර කර්මාන්ත
  • විසිතුරු මත්ස්‍ය එකතු කිරීම
  • ඩොල්ෆින් බැලීම
  • සාගර ජීවීන් හා ශාඛ
  • කුරුල්ලන් බැලීම
  • කිමිදීම හා දිය යට පිහිණීම
  • සත්ව අභය භූමි සවාරි (විල්පත්තු ජාතික උද්‍යානය)
  • පැරණි ලන්දේසි කොටුව හා පල්ලිය
  • ශාන්ත ආනා පල්ලිය - තලවිල
පහසුකම් :

නවාතැන්

මෙම මධ්‍යස්ථානය වටිනා දැවවලින් අලංකරණය කළ යාබද නාන කාමරවලින් යුත් සංචාරක කාමර 04 න් සමන්විතය. මධ්‍යස්ථානයේ දේශීය ජාලයන්ගෙන් සමන්විත පොදු රූපවාහිනියක් ඇති අතර එහි පරිපූර්ණ භෝජනාගාරයක් ද, කෝපි හා තේ පිළියෙල කරන උපකරණ වලින් ද සමන්විතය.

ආහාර පාන ගැනීම.

මධ්‍යස්ථාන භෝජනාගාරයේ දී

සාකච්ඡා සභා පැවැත්වීමේ පහසුකම්

එයට විශේෂිත වූ පරිසරය හා උසස් සේවාවන් හා පහසුකම් හේතුකොටගෙන කල්පිටිය පාරිසරික මධ්‍යස්ථානය සාකච්ඡා සභා පැවැත්වීම හා වෙනත් සංස්ථාපිත කර්තව්‍යයන් සඳහා උචිත ස්ථානයක් ලෙස නම් දරා ඇත. අපගේ සාකච්ඡා සභා ශාලාව, විවිධ වාඩිවීමේ සැලසුම් ක්‍රම අනුව සකසා විවිධ කාර්යයන් සදහා උපයෝගී කරගත හැක.

 

කාර්යය

ඉඩ ඇති සංඛ්‍යාව

පන්ති කාමර

100

"U" හැඩයට සකස් කළ පුටු

 

සමචතුරඝ්‍රාකාරව සකස්කළ පුටු

 

වෙන් කිරීම් සඳහා :

ප්‍රභේදය

(එක් දිනකට)

නවාතැන

රු.

(වායු සමීකරණ රහිත)

ශාලාව

රු.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්

 

 

ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින්

 

 

අනෙකුත් රජයේ / පුද්ගලික අංශ

 

 

සිසුන් (පාසල් / විශ්ව විද්‍යාල)

 

 

භාරකාර නිලධාරියා : යූ.එච්. වන්නිආරච්චි මහතා
තැපැල් ලිපිනය : කල්පිටිය පාරිසරික මාධ්‍යස්ථානය කුඩාව,
කුඩාව, කන්දකුලිය,
කල්පිටිය, ශ්‍රී ලංකාව.
පැමිණෙන ස්ථානයේ ලිපිනය : කල්පිටිය පාරිසරික මාධ්‍යස්ථානය කුඩාව,
කුඩාව, කන්දකුලිය,
කල්පිටිය.
විමසීම 0714475958


 

 



Forum Login

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 13 ජූලි 2017