Tamil-Sri LankaEnglish (United Kingdom)

වෙරළ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ පශ්චාත් සුනාමි සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිස්ථාපනය සහ තිරසාර කළමනාකරණය” නම් වූ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ සුනාමිය මගින් බලපෑමට ලක් වූ වෙරළ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා සැලසුම් කර ඇති අතර තිරසාර කළමනාකරණයක් තුළින් මේවායේ තිරසාර පැවැත්ම තහවුරු කරනු ලැබේ. ගෝලීය දේශගුණික වෙනස්කම් තුළින් ඇතිවන ස්වාභාවික උවදුරු විශේෂයෙන්ම කාලගුණික උවදුරු වලට නැගෙනහිර වෙරළ තීරය ගොදුරු වීමට ඇති ඉහළ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, දේශගුණික වෙනස්කම් වලට මුහුණදෙමින් ජීවත්වීමට ප්‍රජාවන්ගේ අනුවර්තන හැකියාව ඉහළ නැංවීමට සහ තිරසාර විකල්ප ජීව‍නෝපායන් ලබාදීම සහ සහභාගිත්ව ආපදා අවදානම් අඩු කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රජාවන් සතු ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීමටද මෙමගින් අවධානය යොමු කෙරේ. මෙම ව්‍යාපෘතිය නැගෙනහිර පළාතේ වෙරළ බඩ දිස්ත්‍රික්ක තුනම ආවරණය කරනු ලැබේ. අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන මෙම දිස්ත්‍රික්ක තුන ශ්‍රී ලංකාවේ කි.මී. 1600 පමණ සම්පූර්ණ වෙරළ තීරයෙන් ¼ ක් ආවරණය කරයි. ආරම්භක ව්‍යාපෘතියෙහි කාලපරිච්ඡේදය එය ආරම්භ කරන දිනය වන 2009 සැප්තැම්බර් මස 30 වන දින සිට එය අවසන් කරන දිනය වන 2015 සැප්තැම්බර් මස 30 දක්වා වූ වසර 06 ක කාලයකි.



අවසන් යාවත්කාලීන කිරීම 2015 ජූලි 17 වෙනි සිකුරාදා, 05:06

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 31 මාර්තු 2017