Tamil-Sri LankaEnglish (United Kingdom)

නිතර අසන පැණ

පාසල්/විශ්වවිද්‍යාල සිසුන්ගේ ව්‍යාපෘති හා පර්යේෂන නිබන්ධන සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිද ? ඒවා ලබාගන්නා ආකාරය (තැපෑලෙන්/පැමිණ) ඒ සඳහා හමුවියයුතු නිලධාරින් කවුද? හමුවිය හැකි වේලාව කුමක්ද?

සතියේ දිනවල පෙ.ව. 9.00  සිට  ප.ව. 4.00 දක්වා කාලය තුල දෙපාර්තමේන්තුවට පැමිණ  හෝ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

මෙම දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන පෝස්ටර් හා පොත් පත් ආදිය ලබා ගත හැකිද? ඒවා ලබා ගන්නා ආකාරය ?

පෝස්ටර් හා පොත්පත්  දෙපාර්තමේන්තු පුස්තකාලයෙන් ලබා ගත හැක.

වෙරළ කලාප සීමාව තුල සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුම්දිය යුත්තේ කාටද ?

වෙරළ  සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අදාල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලට සහ වෙරළබඩ සම්පත් සංවර්ධන අංශයට

හිරිගල් පර හා ඒ ආශ්‍රිත ජීවීන් පිළිබඳව තොරතුරු ලබාගත හැකිද?

දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් සහ  වෙරළබඩ සම්පත් සංවර්ධන අංශයෙන් ලබා ගත හැක.

කැස්බෑවන් පිළිබඳව තොරතුරු ලබා ගත හැකිද?

දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් සහ  වෙරළබඩ සම්පත් සංවර්ධන අංශයෙන් ලබා ගත හැක.

කඩොලාන පිළිබඳව තොරතුරු ලබා ගත හැකිද ?

දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් සහ  වෙරළබඩ සම්පත් සංවර්ධන අංශයෙන් ලබා ගත හැක.

මුහුදු වැලි ලබා ගැනීම සඳහා බලපත්‍ර ලබා ගන්නේ කෙසේද ?

පොදු භාවිතයන් සඳහා වැලි ලබා ගැනීමේදි මුහුදු වැලි කියුබ් 02ක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද  ස්ථානයකින් ලබා ගත හැක.    ප්‍රවාහනය සඳහා  භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යන්ශයෙන්  ලබා ගත හැක.

මුහුදු වැලි මිල දී ගත හැකිද ?

මුහුදු වැලි මිල දී ගත නොහැක.

වෙරළ කලාප තුල ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර ලබා ගන්නා ආකාරය හා ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?

වෙරළ කලාප තුල ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර  සඳහා විස්තර ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.

සුනාමි තත්ත්වයන් ඇතිවීම හා එහි බලපෑම් පිළිබඳව තොරතුරු ලබාගත හැකිද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  ලබා ගත හැක.

මුහුදු ඛාදනයට ලක් වූ අවස්ථාවන්හිදී ඒ සම්බන්ධ දැනුම් දිය යුතු පුද්ගලයින් කවුද ?

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය    -  ප්‍රධාන  ඉංජිනේරු (වෙරළ වැඩ)
දෙපාර්තමේන්තුවේ  ප්‍රාදේශිය කාර්යාල   -  ප්‍රාදේශීය ඉංජිනේරු

වෙරළ කලාපයේ පසසිටු සීමාවන් මොනවාද ?

වෙරළ කලාපයේ පසසිටු සීමාවන සඳහා මෙතනින් පිවිසෙන්න.

වෙරළ තීරයේ දිග ප්‍රමාණය කොපමණද ?

කිලෝ මීටර්  1680

වෙරළ කලාපයේ සීමාවන් මොනවාද?
දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල පිහිටා ඇති ස්ථාන, එහි ප්‍රධානීන්ගේ නම්, කාර්යාල ලිපිනයන් හා දුරකථන අංක මොනවාද?

ප්‍රාදේශීය කාර්යාල සඳහා  මෙතනින් පිවිසෙන්න

මෙම දෙපාර්තමේන්තුව අයත් වන අමාත්‍යාංශය කුමක්ද?

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නම හා තනතුර ?

ආචාර්ය අනිල් ප්‍රේමරත්න,   අධ්‍යක්ෂ ජනරාල්/වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ



අවසන් යාවත්කාලීන කිරීම 2011 මැයි 27 වෙනි සිකුරාදා, 07:25

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 06 නොවැම්බර් 2017